උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - ude hawa maludhee hawaa mal pidhuwata budhu kutiyee - ude hawa mal

උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - ude hawa mal

Lyrics

උදේ හවා මල් පිදුවට බුදු කුටියේ 
අපි නිවන් යන්නේ කොහොමද මගේ සුදු  මැණිකේ  
අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ
පුළුවන්ද මැණිකේ  නිවන් යන්න පැටව් පව් අපේ 

කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහලට
කොලීජීයෙන් කොලීජියට දැම්මත් ලොකුවට 
අපි මොනවා කරන්නද මැණිකේ  අපේ කරුමෙට 
නැහැදිච්ච එවුන්  උනේ අන් අපේ පැටව්ම

බත් මුට්ටිය තරහ උනත් මොනව කරන්නද 
බත් ගිලෙන්නේ නෑ මැණිකෙ මගේ  උතුරෙන් පහලට 
නැහැදිච්ච එවුන් උනත්  අපේ දරුවො මරන්නද
අපි උන්ව නිවන් අරිමු මැණිකේ දීලා අප් පින

උදේ හවා මල් පිදුවට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.