උදේ හවා හැමදාමත්udhee hawaa haemadhaamath

Ude Hawa Hamadamath

Music:
යසන්ත තේනබදුyasantha theenabadhu
Lyrics:
දමිත් තරංගdhamith tharanga

Lyrics

උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ 
තාත්තා එනකල් මගෙ නෙතු සිතිජ ඉමේ 
රජෙක් කරනවයි කීවත් වගෙ අනාගතේ 
කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ    

මගේ අම්මා මාව බදන් අඬන තරමට 
තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට 
ඔහුගෙ දිහා බලන් අම්මා අඬන තරමට 
(මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට...//) 

උදේ හවා හැමදාමත්......

කුසගින්නට කඳුළු සලන සෝබර මුහුද 
මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට 
කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට 
(රජෙක් වෙන්න බෑ තාත්තේ එන්න විගහට...//)  

උදේ හවා හැමදාමත්......
(කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.