උදය සුපිපුණු මලක් බඳුudhaya supipunu malak bandu

Udaya Supipunu Malak Bandu

Lyrics

උදය සුපිපුණු මලක් බඳු 
ළපටි අත පය හුඟක් මුදු 
අම්මා හරි ආදරෙන් සැදූ 
මාගේ නංගිගේ නමයි සුදූ...//

උදය සුපිපුණු මලක් බඳු...

චුට්ට වැරදුණු තැනදී බලා 
රණ්ඩු වීලා කඳුළු සලා//
හඬ හඬ ඉඳ, ටිකක් වෙලා 
යාලු වෙයි යළි හිනා වෙලා//

පිපෙන දේවල් කොහොම හරි 
ගන්නෙපා ත ළඟට හැරී 
නංගී මගේ ළඟ නැතුව බැරි 
එයත් හරි මගේ පණත් හරි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.