උඩරට කඳුකරudarata kandukara

Udarata Kandukara

Lyrics

උඩරට කඳුකර සිරියා පරදන 
රූබර මුහුණ ඔබේ 
රතැඟිලි දිගු කර මදහස නංවන 
තේ දළු නෙළන ළඳේ...

රට පණ ගන්වන ජාතිය සුරකින 
ජාතික ධනය අපේ 
අපි ණය ගැති වෙමු සුකොමළ දෑතට 
තේ දළු නෙළන ළඳේ...

උඩරට කඳුකර...

ලියලන දළු වල කරටිය හැම විට 
ඔබේ නෙත් දෙසට නැමේ 
දන මන පිනවන ඉමිහිරි පානෙකි 
පිටරට යවන අපේ...

තේ වල යහපත ලොවටම සලසන 
කම්කරු ළඳකි ගමේ 
ලංකා පොළොවේ පැලවෙන තේ ගස 
ඔබේ දෙවි රකිනු ලැබේ...

උඩරට කඳුකර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.