උඬගු ලියන් ගොතා බඳිනundagu liyan gothaa bandina

Udagu Liyan Gotha Bandina

Lyrics

උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත..........
මේ දෙරණේ...//

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත...
සුවඳ හලන්නට
මා පිපුනේ නැත...
මේ දෙරණේ

උඬගු ලියන්..

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට//
යන මහජනතා පා දූවිල්ලෙන්//
තැලී වෙලී සැනහී මියයන්නෙම්...

මගේ පරම පැතුම එයයි///
එමගට මා විසි කරන්න..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.