උඩ මලුවේuda maluwee

Uda Maluwe

Lyrics

උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ
හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ //

හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ
දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට
එහෙව් දුකින් සරි කරගත් //
කිරි ආහර ටික පුදන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ

ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ
හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ
වැලි මලුවේ පෙරලි පෙරලි //
ඔය හෙවනේ නිවන් යන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ

උඩ මලුවේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.