ටින් බෙලෙක්ක තක්ක බක්කtin belekka thakka bakka

Tin Belekka Thakka Bakka

Lyrics

(ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද හඬවලා 
කබල්ම බස් එකක් සොයා 
කොල්ලො ට්‍රිප් එකක් ගියා...//)

(පොල් ලෙලි වලක් බලන්න 
යන්න පොල්මුඩේ    
කොල්ලො හැත්ත පස් දෙනෙක්ම 
පොල්ලෙ එල්ලුනේ...//) 
කරුමෙට පොල්ල ගැලවුනේ 
දහයක් දැම්මා රෝහලේ 

ටින් බෙලෙක්ක තක්ක.... 

(බස් එකේ ටයර් එකක්නෙ ගැලවිලා ගියේ 
රියදුරාද ඒක පස්සෙ එලවගෙන ගියේ...//)
රියදුරු එළවගෙන ගියේ 
රෝදය පල්ලමේ ගියේ

ටින් බෙලෙක්ක තක්ක....

බීලා බීලා වෙලට පැනලා ගෙම්බො කෑවනේ  
මීහරක් පිටේ නැගීලා ජොලිය දැම්මනේ 
බීලා බීලා වෙලක පැනලා ගෙම්බො කෑවනේ 
මීහරක් පිටේ නැගීලා සොමිය ගත්තනේ 
හරකට යකා නැග්ගනේ 
අයියෝ අපට ඇන්නනේ 

ටින් බෙලෙක්ක තක්ක....

(රියදුරත් නැතී අනේ ටයරයත් නැතී 
ණයට කාලා මේ පලාතේ කඩ ගියා වැහී...//)
කියමුත් මාසයක් ගෙවී තවමත් ට්‍රිප් එකේ අපි 

ටින් බෙලෙක්ක තක්ක....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.