Lyrics
ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැදුනා...//
නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා..
ඔබේ පිනට කරල් පැහෙනවා..
ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා..
මගේ හිතට රහස් කියනවා..
ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ....
හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා..
පාළු තනිය නැති වී යනවා..
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා..
හිතේ දුකට කවි කියවෙනවා..
ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ...//