Lyrics
නිතඹ සලා හිතලා ඉඟිපා මා වසඟ කරපු
දා ඉඳලා ඔබ මා නෙතු සොයන අයුරු
ලා රතු මේ තොල ආසද හපලා බලමු
මා ලඟ පා දඟ රහසෙම උකුලු මුකුලූ
හිත මත්වෙලා ටිකිරිලියා
නුඹ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුඹේ
නිතඹ ලෙලෙන තාලෙට ආසම...//
පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව
අහල පහල ඇයො මක් කිව්වත් මොකද
තෝර තෝර හීන පාට කරන්නද
ආයෙත් අහලා වෙන කාව බදින්නද
කෙල්ලෙ ලඟින් ඉඳ ගන්න
බය වෙන්න එපා හෙල වෙන්න
මෙල්ල කරන් දඟ මල්ලක් වුනත්
සැනසෙන්නෙ ලඟයි මගෙ කෙල්ල
සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලඟ
හිස තියාගන ඔඩොක්කුවේ
කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන්
මගෙ පැලෙ අග බිසවුනේ
මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු
කාටවත් මෙ ලොකෙ හිත නෑලූ
කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු
ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ
හිත මත්වෙලා ටිකිරිලියා....//
නිතඹ සලා හිතලා ඉගිපා....
හිත මත්වෙලා ටිකිරිලියා....//