තුෂර බිඳුවක්thushara binduwak

Thushara Binduwak

Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
සමන් කුලරත්නsaman kularathna

Lyrics

තුෂර බිඳුවක් වගේ ආදරය සැලුනා මගේ
අහස ගුගුරා රැයේ වැහි පොදක් වැටුණා
ස්වප්නයක් සේ හඬයි හදවත මගේ
වස්සාන සිහිනයේ ගැලී මන්දාකිණිය 
හඬනා රැයේ සිතිජ නිම්නය අරා....

චණ්ඩ මාරුත හමා සැඩ තරඟය දිගේ
විදුලි සැර සේ නිවි නිවි දිලුණා
ඔබේ නෙත්සර මහද රිදවා 
සෙනෙහෙ ගලමින් පුපුරු ගැසුවා
(නෙතේ කඳුලක් දවා...//)

තුෂර බිඳුවක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.