තුන් වේල හාමතේthun weela haamathee

Thun Wela Hamathe

Lyrics:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

Lyrics

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ
එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ
තොරන් බැඳල අපිට හොරා නිවන් පතන්නෙ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ...

කුලී කරල දුක් විඳලා දවස ගෙවෙන්නෙ
එහෙවු අපනේ මේ අරගෙන දන්සල් දෙන්නේ
දන්සල් දී පිං පොතේද නම ලියවන්නේ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ...

තුන් වේල හාමතේ...

පාරු පැදලා වැලි ඇදලා දවස ගෙවන්නේ 
එහෙවු අපෙන් මේ අරගෙන කොත් පලඳින්නේ
කොත් පලඳා පුවරු සදා නම ලියවන්නේ
ඒ වුනාට අපි කලියෙන් නිවන් දකින්නේ

තුන් වේල හාමතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.