තුන් සිංහලේ ජය ගෙන එනා thun sinhalee jaya gena enaa

Thun Sinhale Jaya Gena Ena

Lyrics

තුන් සිංහලේ ජය ගෙන එනා 
තණ නිල්ලේ දිදුලන්නේ එකොළොස් දෙනා 
එකමුතු වෙලා ඉදිරිය කරා 
යමු ආයේ අපේ කිරුළ ලැබෙනා තුරා 
ශක්තියයි සහයෝගයයි 
එඩිතරව සටන් වැදිලා
පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි 
සියතට ජය ලබනා...

විස්සයි විස්සේ කප් එකේ සිංහ සේයා හැදේ 
හදගැස්ම ලය මතේ සිංහලේ නම රැඳේ 
ඒ නාමේ රැකගන්න සිංහ නාදේ පතුරන්න 
ලෝක කුසලානයේ පුරා 
දිව එන්න පිළිගන්න හිස කිරුලු පළඳන්න 
සුබ පතමු අපි එක්වීලා...

ජය ජය// ජය වේවා...//

Dilscoop එක වදිනවා score එක නගිනවා 
සංගාගේ ලකුණකින් ජය ඝෝෂා නැගෙනවා 
යෝකර්ම අමුණන්න මාලිංග දිව එන්න 
කඩුලු යන්නට ගැලවිලා තිසරයි කුසල් එන්න 
හය හතර එලවන්න දිනුම සියතින් දරා...

තුන් සිංහලේ...

ලකුණුත් ලබා කඩුලුත් දවා 
ලංකාවේ අභිමානේ සියතට දරා
ශක්තියයි සහයෝගයයි 
එඩිතරව සටන් වැදිලා
පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි 
කුසලානේ සියතට දරා... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.