Lyrics
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙව්ලේ යහන පාමුල //
ඉරා සළුපට බැඳුණු නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝන දිය
පලා අසිපත නසා එහි පළු
පසිඳ විය හැකි වේද යුක්තිය
තුමුල බල ඇති ....
ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිනි මෙවුල්දම් කඩා හැලුනිද
ඔබේ ගත රැදි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිළ යාවිද
තුමුල බල ඇති...