ත්‍රෛලෝකthrailooka

Thriloka

Music:
ලයින් වන්layin wan
Lyrics:
මංජුල වෙඩිවර්ධනmanjula wediwardhhana

Lyrics

ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ 
අහසින්ද? අහසේ පියා සලන වළා පෙලට දෑස තියන්නේ 
මුහුදින්ද? මුහුදේ තරඟයක පෙණ පිඩු කවුද මවන්නේ 
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ       
    
ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ 
පපුවෙන්ද? පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ගිගුම් නැගෙන්නේ 
ඔලුවෙන්ද? ඔලුවේද කැලති කැලති සිතුවිලි විෂ වන්නේ 
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ       
   
ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.