තෝරන්න හැකිදෝthooranna haekidhoo

අවසන් නෑ - Thoranna Hakido Awasan Ne

Lyrics

තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදා

යන්න යනවා නම් විසි කරලා 
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා
බලනු මැනවී

අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද 
වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ

කාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ
ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේ

යන්න යනවා නම් විසි කරලා 
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කවුදැයි ඔබ යලි හිතලා 
බලනු මැනවී

අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද 
වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ

ජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ
හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේ

යන්න යනවානම් විසි කරලා 
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.