Lyrics
තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න..//
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
විරහේ හදවත් සඳුන් උලා සිහිලැල් කොට
නෙතු පියයි අගට පළන්දා
සුදු මුතුලැල් පොට//
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
තොල් පෙති විතරක්... /
කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට
එක යායක් වෙයි මුළු ලෝකය පුන්සඳ එළියට
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
තොල් පෙති විතරක්... /