තොල් පෙති සිඹිනාthol pethi simbinaa

Thol Pethi Sibina

Lyrics

තොල් පෙති සිඹිනා
කම්පෙති සොයනා
මුහුණට එබිකම් පානවා..
ඕනෑවට වැඩිදෝ මගෙ පෙම්වතා
ඕනෑවට වැඩියෙන් මට ළං වුණා..
ගිනියම්.. ප් ‍රේමයෙන් 
උණුසුම්.. ඉල්ලුමෙන්
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්..
හිතට නෑ වේදනා...//
කියලා දුන් ගාථා 
මතකයි පද මාලා.. තනිවෙලා...

මේ වලාකර කන්පෙති සොයා
කොදුරලා ශෘංගාරයා... හෝ..
නුබ ළං කර කන්පෙති සොය...
කොදුරනා ශෘංගාරයා...
පහන නිවා ඇසිපියෙනුත් වසලා
නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා
මා.. ආදරේ.. ඒක තමා..
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්...
හිතට නෑ වේදනා..
කියලා දුන් ගාථා 
මතකයි පද මාලා.... තනිවෙලා...

හද අද්දර රෑ තුන්යාමේ..
දැවටිලා හිත අල්ලනා..// 
හද එළියට මා පලාන දුවලා
කලුවර අතරේ ළමැදේ නිදනා..
රෑ.. හද පවා... ඇස් වසා සිටියා..
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්..
හිතට නෑ වේදනා...//
කියලා දුන් ගාථා 
මතකයි පද මාලා... තනිවෙලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.