Lyrics
තිස්ස මහාරාම පෙරහැරේ
ඉස්සරහාම කස පුපුරන්නේ
මගේ බිඳුණු හිතත් කසයක් වාගේ
(ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ...//)
(හේවිසි හඬ ඇහුණාම මගේ හද
උණු කඳුළු වෙවී වැටුණු පහළට...//)
මා ළඟින් ඉඳන් පෙරහැර බැලුව
ලස්සන පරසතු මල අද කොහිද...
තිස්ස මහාරාම පෙරහැරේ...
(බොරු කකුල් කාරයොත් පේළි සැදෙයි
බොරු නොකියන බව කීවේ මට ඔබයි...//)
පෙරහැරේ අසිරිය මතකය පාරයි
මගේ කඳුලු තිස්ස වෙහෙරට බාරයි...
තිස්ස මහාරාම පෙරහැරේ...