තිස්ස වැවේ ඉවුර ළඟටthissa waewee iwura langata

Thissa Wawe Iwura Langata

Lyrics

තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත් 
උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින් 
කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක් 
මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම්

(හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා 
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා...//) 
කොරළි පැටව් රංචු පිටින් වීසි දැලෙන් පැනලා ගියා 
ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා

(දියකැට පහනට ඉහලින් පෙම් දියවර උස්ව ගියා 
මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්ච්ලෙන් හිනා වුනා...//)
ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා 
හිතේ වැවුනු සොඳුරු හැඟුම් සොරොව් කටින් එපිට ගියා

තිස්ස වැවේ ඉවුර ළඟට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.