මතක හසරැලිmathaka hasaraeli

Thisara Nadii

Lyrics

තිසර නදී හසරැලි මතුවන්නේ
සිහිනය සේ ඔබ මතක ගෙනෙන්නේ
දෙනෙත් විදා ඒ මඳහස පුරවා
බලනු මැනිව යළි මතක දල්වා

පැරණි මතක අද හිස ඔසවලා
ඔබේ සිනා රැළි මතක ඉපදිලා
ලැබෙති මඳහස පෙර දින විලසා
වැළපෙයි ගංතෙර නෙත් දිය ඉසලා

සුළඟ ගෙනෙන විට මුහුද හකුළුවා
සෙනෙහෙ රැදුනු කාලය එහි සඟවා
මිය ගිය මඳහස යළි නංවාලා
බලනු මැනිව යළි මතක දල්වා

තුරුණු වියේ සිහිනය දියවන්නේ
මතක ගමන ගැන කිම ඔබ දන්නේ
දෙරටක මතකය වියකී යන කල 
සමුගෙන යන්නට අවසර ගන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.