තිරය ඇරෙනවාthiraya aerenawaa

Thiraya Arenawa

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

Lyrics

තිරය අැරෙනවා තිරය වැහෙනවා -ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළු තලෙන් බැස මානවිකාවන් - තාලෙට ඉඟ සුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති - නල වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති - කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ

දෙපා සැලෙන මුදු බෙර කවි තාලෙට - කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර - කරළිය අභියස බලා හිඳියි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.