Lyrics
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ
(පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...//
මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා
තිලොඅග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා
දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා
(ඇසේ දසත මුළු ලොව සත යහමග හරවා)...//
ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනලයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියොතුන් ගී නගන විටදි අමතක නොකලේ
(සදා වඳින ලෝක නාථ සමිඳුගෙ නාමේ)...//
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ
(පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...//