තිදස පුරේthidhasa puree

Thidasa Pure

Lyrics

තිදස පුරේ පියගැට පාමුල
ශෛල තලාවක සඳ ලේඛාවක
කල්ප විනාසය දිවැසින් දුටුවෝ
සන් කල කැටයම සඳකඩපහණයි

නුවණ තියුණු කල තිසර ලතාවයි
තුරඟා ජවය සමානයි
සවිබලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි බැඳුණ ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩපහණයි

නිදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙලහර පානා
කෙලෙසුන් පිරුමයි බිඳුණු ලියවැලයි
නටබුන් කැටයම සඳකඩපහණයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.