තෙරුවන් සරණයිtheruwan saranayi

Theruwan Saranai

Music:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට 
තවමත් භාරයි ඔයාට...
තෙරුවන් සරණයි ඔයාට...

ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී
මතකයන් දැන් මගේ අතීතයට එක්වී ඇතී
මගෙන් මිදී සැදූ ලොවේ
ඔයා හුඟක් සතුටින් ඇතී
(ඒ ටික මට හොඳටම ඇතී...//)

තෙරුවන් සරණයි…..

දුක මගේ විඳ දරන් ඔයාගෙ යහපත පතමි මං
පණ තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං
සංසාරේ කවදා හෝ
ඔයාගෙ අයිතිය ලැබෙනකන්
(ඉපදෙමි භවයෙන් භවය මං...//)

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට 
තවමත් භාරයි ඔයාට...
(තෙරුවන් සරණයි ඔයාට...////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.