තේරුම් ගත්තාtheerum gaththaa

Therum Gaththa

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

Lyrics

හැම සතුටකටම අවසානේදී 
හිමි වෙන්නේ දුක විතරයිදෝ

තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා 
හේතු කරණා මුල සිටම 
දෙතුන් පාරකට වඩා වැරදුනේ 
පාඩම හරියට තේරෙන්න 

මම දුප්පත් බව ඇත්ත 
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් 
ඔබ දුන්නේ කොහොමද අද 
(තේරුම් ගත්තා හැමදේම 
හොඳම දේ උනේ සමුදීම 
හැම සතුටකටම අවසානේදී 
හිමි වෙන්නේ දුක විතරයිද...//)

වැරදි හදාගෙන නොදැන වෙලා 
දිවිය නොවේ අමතකද අසා 
වැරදි කරේ ඇයි අතර තුරේ  
ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා 

මම දුප්පත් බව ඇත්ත......

ඇති නැති මගෙ අඩුපාඩු කියා 
කරපු වැඩේ අද හරිද ඔයා 
අතින් අතට යන පෙමින් නතර වෙන 
දුකේ අරුත දන්නැති හින්දා

මම දුප්පත් බව ඇත්ත 
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් 
ඔබ දුන්නේ කොහොමද අද

තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා...... 

මම දුප්පත් බව ඇත්ත 
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් 
ඔබ දුන්නේ කොහොමද අද 
(තේරුම් ගත්තා හැමදේම 
හොඳම දේ උනේ සමුදීම 
හැම සතුටකටම අවසානේදී 
හිමි වෙන්නේ දුක විතරයිද...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.