Lyrics
තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුලු ජීවිතේටම
නැවතුනත් මා ලග අපගේ නොවේ අප
හිමි උනත් මට නැතත්
හිත වෙනතක් සෙව්වෙ නෑ
තනි උනත් මතූවටත් එය වෙනසක් වෙන්නෙ නෑ
පණට නමක් දෙනවානම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණෙ ඔබෙ පිලිගන්නම් //
යන්න ඕනෙම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාදා මගෙන්
මොනවා ලැබ ගන්ද මන් නවතා බලෙන්
පැතුවෙ ප් රේමයමනම් මෙතුවක් ඔබෙන්
හිමි උනත් මට නැතත් හිත වෙනතක්
සෙව්වෙ නෑ තනි උනත් මට නැතත් එය වෙනසක් වෙන්නෙ නෑ
පණට නමක් //
සගවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සගවනුද මන් අපි ගැන ලොවෙන්
ඔබට අවසන් උනත් වචනෙන් දෙකෙන්
අතැරනලු කොයි ලෙසෙන් ඔබ මේ හිතෙන්
හිමි උනත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි උනත් මතුවටත් එට වෙනසක් වෙන්නෙ නෑ
පණට නමක් //