තෙමුණු සුදු ගවුමේthemunu sudhu gawumee

Themunu Sudu Gawume

Lyrics

තෙමුණු සුදු ගවුමේ  
ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිබින්නේ 
නාරි රූපා පාන ශෝබා 
වහින වැස්සේ සැගව සිතුසේ 
නුබත් හරි වැඩ කරන්නේ 

තුරුණු විය උතුරා මගේ  
නේත ඉදිරියේ මේ අදින සිතුවම් 
මුසු වුනා වාගේ මගේ සිත 
සතපනා දහනට සුපෙම් 

තෙමුණු සුදු ගවුමේ.../

උළුනු ගුණ බිඳ දා මෙසේ 
ඔබ පසු පසින් එන වැස්ස මනරම් 
නැවතුනා මාගේ විසල් ලොව 
කලබනා මිහිරක පැතුම් 

තෙමුණු සුදු ගවුමේ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.