තෙදිනි විරාජ රුවිනි විරාජthedhini wiraaja ruwini wiraaja

Thedini Wiraja Ruvini Wiraja

Lyrics

තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ කඳ දෙව්රාජ...//

එරන් මයුර වාහනයෙන්
රුපු සේන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩ සිට
නර කැල වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ
දියත පතළ කර හරින්න 

අන වින වස් දොස් තුන් බිය
දුර ලා සත රැක දෙවන්න
මැණික් ගඟේ නිමල දියත
කිළි කුණු සෝදා හරින්න
කතරගමේ බල මහිමේ
දියත පතළ කර හරින්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.