තවත් ආදරේthawath aadharee

Thawath Adare

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව 
මැවී පෙනෙනවා මතකය මැදින් හිනාව
(අගේ දැනුනෙ ඔබෙන් මිදී දුරට ගියාම)...//
තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව

(සිත් රිදුනා අපි හැඩුවා ළඟ සිටි දාක
තරහ උනා යාළු උනා මතකද තාම)...//
අගේ දැනෙන්නේ සත්තයි ළඟ නැතිදාට 
(සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව)...//

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව 

(ඔබ මැවුනා ඔබ පෙනුනා සිහිනෙන් රෑක
අමතක නෑ ඔබ ගැන මට සිහිවෙයි තාම)...//
ඔයාට මං මතක් වෙනවදෝ හැමදාම
(දුර සිටියත් වෙනස් වුනේ නෑ මම තාම)...//

තවත් ආදරේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.