තව වරක් ඔබ හැරීthawa warak oba haerii

Thawa Warak Oba Hari

Music:
සරත් පීරිස්sarath piiris
Lyrics:
සමන් ජනරන්ජන හේරත්saman janaranjana heerath

Lyrics

තව වරක් ඔබ හැරී බැලුවානම් 
ඔබ සිතේ දුක නිවන්නත් තිබුනා
ඔබට සමුදී මියෙන මා හදවතේ
නැගෙන සුසුමන් දැනෙන්නත් තිබුනා...

ඔබේ උරතලේ මුහුණ සඟවා මා
ආදරේ යැයි හදට කෙඳිරූ  දා
මතකයක් වී මියෙන තුරු මතු දා
දවාවී හද නෙතු තෙමා දිවා රෑ...

සිහින පොදි බැඳ එක්ව ආ මඟ  දා
යන්න වී හැර සනුහරේ සනහා
රිදුම් ඇයි තව තැවෙන සිත ගරහා
අඳුර පමණයි මටත් ඔබ නැති දා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.