තව මොහොතක්thawa mohothak

Thawa Mohothak

Music:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
Lyrics:
කසුන් ප්‍රිමාල්kasun primaal

Lyrics

තව මොහොතක් ළඟින් ඉඳන් පුරුදු සිනහා සිතින්
මේ හිතවත් දුරින් ඉඳන් තනිව සැනසෙන්නම්
දුන් වේදනා විඳ දරා දෑතින් සුසුම් හංගලා
හෙට හවසත් මේ මානයේ ආයෙත් හමුවන්නම්.......

දවසක් පාසා අහිමිව හිමි වන 
හැබැහින් නොලැබුණු එකම රුවක්
හිත රැඳි සෙනෙහස නොකියා විඳවන
තනියෙන් පෙම් කළ මගේම දුකක්
හැමදා හවසට මෙතනම හමුවන 
පෙම්වන්තියයි මම........

තව මොහොතක්.......

කඳුලක් වැටිලා වියළි යන විට 
හිතලා හිනැහෙන බව දැනිලා
මගෙන් අසන විට කඳලට හේතුව
කියන්නේ කොහොමද ඔබ කියලා
කවදාවත් මට නොලැබෙන හිතවත
ඔබගේම පෙම්වන්තියයි මම........

තව මොහොතක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.