Lyrics
තව මහළු නෑ ඉසුරුමුණියේ
පෙම් යුවල තරුණයි
පිට ගම් ගියත් නුඹ
බැන්ද ආලය හාතේ තව එහෙමයි //
තිසා වැවේ තුරු සෙවනේ අවසන්
මොහොත මට සිහිවෙයි
මුලාකර මා අතැර ගිය හැටි
අදත් මට මතකයි
මෙමා දුටු දහසක් සිහින
වැව් දියේ දිය වූවයි
සදා තනිකඩ වුවත් අද මම
එය අමිල සැපතයි
එදා මන්දිර නැතැයි මා හට
නුඹ එයම පැතුවයි
මෙදා දැසි දස් මැදුරු ඇත මට
ඒත් නුඹ දිළිඳුයි
තව මහළු නෑ ....//