තව හිනාවෙන්න දුන් සතුට අරන්thawa hinaawenna dhun sathuta aran

Thawa Hinawenna Dun Sathuta Aran

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

තව හිනාවෙන්න දුන් සතුට අරන්
මට හදාගන්න දුන් හිත උදුරන්
මොකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
නුඹවත් දන්නැති දුරක ගිහින් //

අත්වැල් පටලා හිමිහිට කොඳුරා
ඉස්සර මුමුණපු රහස් කතා
මතකයෙවත් නැති තරමට ඔය හිත
ඇයි මේ තරමට වෙනස් වෙලා 

තව හිනාවෙන්න ....

යළිත් හැබෑවට ඇවිත් යන්න හරි
බැලුවට එනතුරු හුඟක් වෙලා
දින සති අරගෙන කාලය දුර යන
ගියේ ඔයා හිත රවට්ටලා 

තව හිනාවෙන්න ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.