Lyrics
තව එකම එක දවසක්
ඔබ මට හමුවේ නමි
ඒ ඇසල සඳම පායා වැව් තෙරේ
නාමල් පොකුරු උඩින්
තව එකම එක දවසක් ඒ වැස්සම වසීවි නම්
සිරිමල් වත්තේ මිටියාවත් මැද
ඔබ මා හා තනිවී
එක කුඩයක් සෙවණට ළඟ ඇති නම්
තව එකම එක දවසක් ඒ උදෑසනම ඒ නම්
ඔබ අනෙකකු හා සරණ බැඳුණු වග
පෙරදා ........ හොර රහසේ
එක සැරයක් සවනට ඇසේවි නම්