තව දිනක් ගෙවුනාthawa dhinak gewunaa

Thawa Dinak Gewuna

Lyrics

තව දිනක් ගෙවුනා
පෑල ලිග අහසේ
හුදකලාවී ඔහේ පාවෙන
වලාවක් බදු ජීවිතේ
තව දිනක් ගෙවුනා
ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා

පෙරත් ජාතියෙහි පතාගෙන 
ආ හැටිද අපි දෙන්නා
දෛවයෝගය මේ නම්
යලිත් හමුවන වරම් අහිමිව 
හිතේ හිඳිනෙමි ලොවට සඟවා
තවත් දවසක් කල්ප කාලය
ගෙවමු තනි තනියෙන් තනිවම

සරත් සමයේදී වැටී කොල
සුළං වැද පාවෙන්නා
සොබාදහමත් මේ නම්
වසන්තය යලි ඒද නේවිද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනහා
අප දිහා හෙට  හෝ බලාවිද

තව දිනක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.