තව දවසක්thawa dhawasak

Thawa Dawasak

Music:
ඩ්‍රිල් ටීම්dril tiim
Lyrics:
ඩ්‍රිල් ටීම්dril tiim

Lyrics

ඔයා හමුවෙද්දී මගේ හදවතේ කෙල්ලේ හිඩැසක්
අරමුණ වුණේ හදන්නට නිවසක්
තනිවුණ තනිකම වුණා වෙනසක්
තිරස් වුණා දුරස්කම කෙලින් වුණා සිරසක්
මල් හීසර ඔබේ ගී හඬ නොදැනිම ඔබේ වී මේ හද
ආදර ඔබේ කතාව බලන් ඉන්න ආසයි කෙල්ලේ
ඔය විලාසිතාව යමු යට කුඩයක අපි උදයක
තෙමේ පොද වැස්සේ කෙල්ලේ දිනයක
මන්දාරමේ ඔයා දුටු දින ඉඳන් තනිකම අවදානමේ
ආසයි ඔබ බලා සිතුවම් අඳින්නට
පින්සලක් වී තොල් මත ඇවිදින්නට
ඔය හද පිරික්සන ඇල්මෙක දිස්නේ 
මා හිත කොනිත්තන බැල්ම නම් ඉස්තරම්
මේ ගමනේදී එයි කෙල්ලේ බාධක 
එක්වෙලා හොයමුද සාධක 
හීන මැව්වා ඇති වවමුද යායක 
ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක
ඕන නැහැ මට වෙන්න වගේ සාලිය
රැක ගන්නම් ඒක රාජකාරිය රාජකාරිය 
රාජ කුමාරිය වෙනවද කෙල්ලේ බෝනගෙ මනමාලිය...

මේ ගින්න කන්තාරේ ඔබ නිව්වා සංසාරේ 
සැනසෙන්න මා හා එන්න මා හා ලංවෙලා සඳේ
තව දවසක් ඔබ හා සිපගන්නම් වෙලීලා තුරුලේ සුවසේ
තුරුලේ ඔබ මා...

කළා දඟකම් හිතුමතේ මොහොතක් ගානේ හද ඔබ ලිව්ව දේ
ඔයා කිව්වා මම ඔයාගේ උරුම දේ 
වුණ හොඳම දේ ඔයාව දිනුව දේ
කෙල්ලේ එක් වී හදමුද අපි අහසක්
එක් වී සිහින මවමු දහසක් 
මකා දමමුද අර තරු රෑන අතිනත් අල්ලා බලමුද ඈත
තත්පරේකට නෑ හුදකලා හිත අස්සේ ඉඳලා ඔයා මුර කලා
ලොව ලස්සනම දෑස බිහි කළා පිනි වැස්ස වහින 
බිහිසුණු කලා නොනිද පාර අපි නොහිත වාර 
දුටු මුල් දින සංවාදේ කෙරුවේ පාට 
දඟකාර දෑස කළා ඔයා සමාදාන 
පැහැදිලියි අනාගතේ යමුද පාද...

(මේ ගින්න කන්තාරේ ඔබ නිව්වා සංසාරේ 
සැනසෙන්න මා හා එන්න මා හා ලංවෙලා සඳේ
තව දවසක් ඔබ හා සිපගන්නම් වෙලීලා තුරුලේ සුවසේ
තුරුලේ ඔබ මා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.