තාත්තේ හැම දුකක්ම thaaththee haema dhukakma

Thaththe Hama Dukakma

Lyrics

තාත්තේ හැම දුකක්ම විඳගෙන අප 
ලොකු මිනිසුන් කළේ  තාත්තේ ඔබයි 
තාත්තේ සිතු පැතු දේ ලබාදෙන්න අපට 
ඉන්න ඉටු දෙවිඳුන් ඔබයි 
තාත්තේ කවදත් අප ළඟින් ඉන්න 
කලණ මිතුරා තාත්තේ ඔබයි 
තාත්තේ මනුස්සකම කියා දීලා 
හොඳ මිනිසුන් කළේ අපව ඔබයි 

හැමදාමත් දුක් විඳ විඳ අපේ 
දියුණුව ගැනම හිතලා 
මහන්සියෙන් අප හැඩිදැඩි කළ 
අපේ තාත්තා... 

දියුණුවේ මග අපට කියා දුන්නේ 
වැරදි ඇතොත් එය පෙන්වලා දුන්නේ 
හැමවෙලේම අපේ දියුණුව පැතුවේ 
ඒ දෙස බලලයි තාත්තා තුටු වූයේ 

තාත්තේ... 

වැටුණු වැටුණු හැමවෙලේම 
නැගිට්ටවලා අපව තිබ්බ 
පතාක යෝධයෙකු වගේ 
අපට අපේ අපේ තාත්තා 

දියුණුවේ මග... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.