තාත්තා වගේthaaththaa wagee

Thaththa Wage

Lyrics

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ...

මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා
පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්ච මට වැඩියෙන් දහදුක් විඳලා
අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා...

තාත්තා වගේ නුඹ ගැන...//

බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.