Lyrics
අර හීන් හඬට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන හුළඟට කන තියන් පුතේ
(කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවෙ තෙතමනේ)..//
වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගෙ පුතේ පිහාටුවමයි අත් තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
(මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ)..//
වල් කොළේ කොතැන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුන්ඩලේ තරම ඇත්තැහකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ
(මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහලා නෑ)..//
අර හීන් හඬට....