තාත්තාthaaththaa

Thaththa

Lyrics

තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කීව්වාට ලොවේ
පස්සෙන් ඉඳ‍ මාව රැක්ක එකම දෙවියා ඔබයි භවේ...
රැව්ව ගමන් එක පරක් දෙයියෝ කෝප වෙලා වගේ 
හිටියා නම් ඔබ මා ළඟ තාත්තේ කොච්චරද අගෙයි...

දෑතේම කරගැට දාලා ඒවත් ගානක් නැතිව
හැම සතයම වියදම් කලේ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැනලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එද්දී
කුට්ටි ගණන් කඳුළු වැටුණ තිබුණා තව ගොඩක් සිද්ධි...

තාත්තාගේ ටොක්කට වඳිමි දෑත් එක්කොට...//

මට්ටු කරන්නට අප හට දඬුවම් දුන්නේ නැති නම්
තුට්ටු දෙකත් අතේ නැතිව අපි විඳින්නේ අසරණකම්
සංගීතයේ අකුරු හතම ඉගෙන ගනින් පුතේ කියලා
පෙන්වා දුන් හරි පාරේ සංගීතයේ ගමන ගියා...

තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ...//

ගහට පොත්ත වගේ ඉඳන් ඇස් දෙක වගේ මා රැක්කා
දිවැස් ලැබුණේ නැතත් අපේ අනාගතේ හැටි දැක්කා
අතේ සතේ නැති වෙනකොට නෑදෑයෝ දුරට යතේ
හලෝ මචං කියපු යහළුවෝ කවුරුත් ළඟින් නැතේ...

දුන් ඔවදන් නියමය තාත්තා දෙවියෙක්මය...//

තිත්තයි කරවිල කනකොට ඒ වුණාට ඇඟට ගුණයි
ඇත්තයි කොයි ලෙස කීවත් තාත්තා මගේ අංක එකයි
පිරිසිදු සෙනෙහස සීයට සීයයි නැහැ කිසි සැකයක්
තවමත් මතකෙට එන්නෑ හරියට ගැලපෙන කවියක්...

තාත්තාගේ හයියට ඈත් වුණා දුක් ගැට...//

අරගත්තත් මොන උපාධි MA, MBBS 
තාත්තා නම් මහ ගස යට අපි ඔක්කොම තුත්තිරි ගස්
සත්තම් දැමුවේ තාත්තා මගේකන් දෙක පිරී යන්න
නැත්නම් අද වෙන්නේ මට වැරදි වලට හිරේ යන්න...

දුකට සැපට එකට ළඟින් හිටිය නිසා මගේ තාත්තේ
අපට හැකිවුණා හරියට අදින්න ජීවන කරත්තේ
තාත්තාගේ ටොක්කට වඳිමි දෑත් එක්කොට
(තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.