තථාගතයාණනේ.. තථාගතයාණනේ..thathhaagathayaananee.. thathhaagathayaananee..

Thathagathayanane

Lyrics

තථාගතයාණනේ.. තථාගතයාණනේ..
දුක දැනුණා දුකට හේතුව තේරුණා //
තාම කිසිවෙකු අත්හරින්නට බැරිව ලතැවෙනවා
තථාගතයාණනේ.. තථාගතයාණනේ..
දුක දැනුණා දුකට හේතුව තේරුණා //
නමෝතේ බුද්ධ විරට්ටු 
විප්ප මුත්තෝ සිසබ්බදී
සම්භාද පටිපන්නෝසමි
තස්ස මේ සරණං භවාති

භව පුරා සැරිසරාලා පව් කළාදෝ ඉහටත් වඩා
සිත පුරා සතුටක් සොයා අවසානයෙදී දුකමයි සදා
හමනා සුළගේ දහමයි ඇසුනේ
පින් මදි වුණාදෝ සංසාරයේ 

තථාගතයාණනේ.. තථාගතයාණනේ..
දුක දැනුණා දුකට හේතුව තේරුණා //

නිම වෙලා මරණින් එහා යළි උපදිනා මේ ජිවිතේ
සිහිකළා ගුණ කඳ අමා රස වෑහෙනා ධර්මය ඔබේ
හමනා සුළෙඟ් දහමයි ඇසුණේ
පින් මදි වුනාදෝ සංසාරයේ 

තථාගතයාණනේ.. තථාගතයාණනේ..
දුක දැනුණා දුකට හේතුව තේරුණා ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.