තරුණ සිතට රිදුම්tharuna sithata ridhum

Tharuna Sithata Ridum

Music:
ඉන්ද්‍රජිත් දොලමුල්ලindhrajith dholamulla
Lyrics:
දෙල්තොට චන්ද්‍රපාලdhelthota chandhrapaala

Lyrics

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ…//

දේදුන්නේ ලියූ පෙම්පත සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ…

තරුණ සිතට රිදුම් දිදී…

ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ…

තරුණ සිතට රිදුම් දිදී…//

සිනා වෙයන්නේ…///




  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.