Lyrics
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා
නෙත් වැටෙන් පැන හදවතට බැස ගුලිවෙනා
හද අරා සිටි අඳුරු ලෙන් දැක බියවෙනා
එලිය විඳකින් විසුල ඝනදුර නසමිනා
(තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා...//)
පලක් නැතිවග දැනුන විටදී වැළපෙනා
හදට සමුදී නෙතු තියට වී සසැලෙනා
දෙනෙත් නිම්තෙර සනහ සනහා ගිලිහෙනා
තාරුකේ නුඹ තාරුකේ නුඹ තාරුකේ
(තාරුකේ නුඹ තාරුකේ
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා.../////)
තාරුකේ.. තාරුකේ.. තාරුකේ..