තාරුකා උයනටthaarukaa uyanata

Tharuka Uyanata

Lyrics

තාරුකා උයනට ඉහළ අහසින්
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් ආවා
ආදරයේ සිහින දෙවිඳු
ඔබ ආවා

ව්‍යාකරණ නැති කැඩී බිදී විසිර ගිය
භාෂාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්

ඇහිපිල්ලමකට අවසරයක් තිබුන් නෑ
හරි හදිස්සිය ලොබ බැදුනා
අගුල් වැටී

මායාවයි ඔබ
අසුරු සැනින් මිය යන්නට නියමිත
මා  ඔබ ඉමිබා
ආදරයේ අංශු මාත්‍රයක් දැනුනේ නෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.