තාරුකා පෙලින් එහාthaarukaa pelin ehaa

Tharuka Pelin Eha

Lyrics

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ 
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ 
එහේ ගිහින් ඉදින්නේලු 
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ 
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා 
එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා 

කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා 
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි 
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි 
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා 

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා 
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා 

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ 
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි 
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි 
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ 
යහන් තලා වේවිදෝ මන්දා 

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ 
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ 
එහේ ගිහින් ඉදින්නේලු 
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ 
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
(එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු..///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.