තරු වෙරළේ සඳවත සේtharu weralee sandawatha see

Tharu Werale Sadawatha Se

Lyrics

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහස සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පුසදා

මල් පිපිලා ඇස්  මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක්  එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක්  සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා

මගේ ලග ඉදන් ලොකු ඇස්  පියන්
වස් සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ //

තරු වෙරළේ ..
මල් පිපිලා ඇස්  ..
මගේ ලග ඉදන් ..
තරු වෙරළේ ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.