තරු රෑනක් පීර පීරාtharu raenak piira piiraa

Tharu Raanak Peera Peeraa

Music:
ඉරාජ්iraaj

Lyrics

පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා
දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා
ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා 
මා දිහා...

තරු රෑනක් පීර පීරා...
නුබෙ නෙත් මං තේරුවා
නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා..
පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා
මගෙ සිහිනේ සරසා...

හිරු දුටු පින්න සේ මා හද පුරා 
නැගි සහසක් සුසුම් සේනා නිවා 
නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා
මගේ කවි පෙලම නුබගෙන් ලියැවුනා...

තරු රෑනක් පීර පීරා ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.