තරු පොදිtharu podhi

Tharu Podi

Music:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා
සිත පතුලම සිඹිනා නුඹේ පෙම මට දැනුණා
හද උණුහුම වෙලුණා සිත පුරා.......

කොඳුරා කියලා තුරුලේ තියලා 
දෑසේ ආදරේ තේරුණා 
තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා.......

ආදර හිත දීලා දෑස් අග දිය පීරා
නුඹේ සිතුවිලි සෑමා දැනෙනවා
පෑ සෙනෙහස මා හා ජීවිතයම ඕනා 
නුඹේ තුරුලේම නාඬා ඉඳිනවා.......

කොඳුරා කියලා තුරුලේ තියලා 
දෑසේ ආදරේ තේරුණා.......

තරු පොදි.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.