තරුමල් වගේtharumal wagee

Tharu Mal Wage

Album
Mage Adare

Lyrics

තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම් 
ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්
සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී 
එක සේ ඉන්නම්   
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්...

ඔබ හිනැහෙන විට මිහිරේ 
මා හා කිපුණත් කැමතී 
ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ 
අවුරුද්දක් වගේ...
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී 
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්... 

දිවි ගමන ඉතා කෙටි දුරයි 
එනිසාම දුකද පැණි රසයි 
පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු 
විඳගමු පෙම සුවඳයි//
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී 
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.