තරු ලෝචනීtharu loochanii

Tharu Lochanee

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

සඳ රේණු රිකිලි මවන සීතලේ
මට දෙන්න නුඹේ සියුම් ආදරේ
නින්ද නොයන හැඟුම් රාත්‍රියේ
රෝස පාට හීන ලෝකයේ
(තරු ලෝචනී... තරු ලෝචනී...
මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ.......//)

මා එක්ක ඇවිදින්න සඳ යාමේ තනිවෙන්න
මන්දාරමේ..... මන්දාරමේ.....
පෙම් හීනේ මා එක්ක රුව මැව්ව මල් ඉත්ත
ආදරෙන්..... ආදරෙන්.....
(තරු ලෝචනී... තරු ලෝචනී...
මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ.......//)

සඳ රේණු.......

ළං වෙන්න සිප ගන්න තුරුලේම සැතපෙන්න
තණ්හාකමින්..... තණ්හාකමින්.....
මා ඉන්නේ දින ගනිමින් රන් මුදුව පළඳන්න
ආදරෙන්..... ආදරෙන්.....
(තරු ලෝචනී... තරු ලෝචනී...
මට ගෙනත් දෙන්න මගේ ජීවිතේ.......///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.